අධිවේගී මාර්ගයේ ඇක්සිඩන්ට් යනු ජීවිතේම කොටසකි 



චාර්ලි බෘක් නම් ඉංග්‍රීසි ජාතික සිනමාකරුවා විසින් නිර්මාණය කරන ලද Black Mirror රුපවාහිණි නාට්‍ය මාලාවේ එක් ටෙලි නාට්‍යක් නම්කොට ඇත්තේ "Joan Is Awful" නමින්. එය ස්ථානගත කොට ඇත්තේ AI තාක්ෂණය නිසා නුදුරු අනාගතයේ සිදුවිය හැකි සමාජ වෙනස්කම් වෙතටයි. නාට්‍යයේ සංෂිප්ත කථාව වන්නේ වෙළදදැන්වීම් ආයතනයක වැඩ කරන විධායක නිලධාරිනියකගේ දිනපතා සිදුවීම් සියල්ල එදිනම රාත්‍රියේ ඇය විසින් නරබන චිත්‍රපටියක ඒ අයුරින්ම සටහන්ව තිබීමයි. ඇය තම සේවිකාවක් අසාධාරණ ලෙස සේවයෙන් පහකරන අයුරු, ඇයගේ කලින් පෙම්වතා එදින දහවල් අවන්හලක හමුවෙන අයුරු, ඇය මනෝවෙද්‍ය වරයෙක් හමුවේ තම සැමියාගේ අතිශය පුත්ගලික දේවල් කථාකරන අයුරු වගේ දේවල් චිත්‍රපටියේ තියනවා. මේ හේතුව නිසා ඇගෙ සැමියා ඇයව හැරයනව. සමාගමෙන් ඇයව නෙරපනවා. 


පසුව ඇයට දැනගැනීමට ලැබෙනවා AI තාක්ෂණයේ දිගුවක් වන computer-generated imagery (CGI) තාක්ෂනය යොදා ගනිමින් අගේ දිනපතා ජීවිතය ස්ට්මියුලේට් කර චිත්‍රපට සමාගමක් මෙම චිත්‍රපටය හදා ඇති බවය. ඇය මෙම සමාගමට එරෙහිව නඩු යෑමට සැරසුනත් පසුව දැනගන්නට ලැබෙන්නේ AI තාක්ෂනය බාවිතාවට ලැබෙන අවසරය ඔස්සේ ඇය ඇගේ ජීවිත සිදුවීම් සමාගමකට විකුණා ඇති බවයි. පසුව ඇය විසින් චිත්‍රපට සමාගමට හොරෙන් ඇතුළු වී එහි ඇති CGI පරිගණකය විනාස කොට දමයි. එහෙත් එහිදී ඇයට දැනගන්නට ලැබෙන්නේ ඇය විනාස කොට ඇත්තේ සැබෑ පරිගණකය නොව ස්ටිමියුලේට් කරන ලද පරිගණකයක් බවයි. 


අද අප ජිවත්වන සමාජය වන්නේ සමාජ ජාල අයිතිකරුවන් විසින් ස්ටිමියුලේට් කරන ලද සමාජයකි. ඉස්සර අපට දැනුනේ සමාජ මාධ්‍ය හරහා ගොඩනැගෙන සබදතා යනු සරලමතික විනෝදාස්වාදයක් බවයි. එහෙත් නුදුරු අනාගතයේ සමාජ මාධ්‍ය අපට කියා දෙනු ඇත්තේ මිනිසුන් විසින් ගොඩනගන සමාජ ව්‍යාපාර, දේශපාලන අර්ථයන් සියල්ල ගොඩනැගෙන්නේ සැබෑ මිනිසුන් මත නොව ස්ටිමියුලේට් කරන ලද මිනිසුන් මත බවයි. 


ලංකාව වැනි රටවල් වල සාපේක්ෂව අන්තර්ජාල පහසුකම් ඉතා මිළ අධිකය. එසේම නිදහස් අන්තර්ජාල පහසුකම් ලැබෙන්නේ රටේ ආර්ථික බල ධුරාවලියේ කේන්ද්‍රයේ සිටින අතලොස්සකට පමණි. රටේ බහුතර හුදී ජනයාට සමාජ ජාලා යනු දේවාස්වාදයක් ලබාදෙන මැජික් ස්වරුපයේ අත්දැකීමකි. ඒ නිසා බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය මැජික් එකට අවනත වී ඒ සමග අධිවේග ගමනක් යයි. 


අධිවේග මාර්ගවල අනතුරක් සිදු වුවහොත් එය සාමාන්‍ය අනතුරකට වඩා බරපතල වෙයි. එහෙත් හැකි ඉක්මනින් අනතුරට පත්වූ වාහන සහ මිනිසුන් පාරෙන් ඉවත්කොට මහපාර කිලියර් කරයි. ඉන්පසු සුපුරුදු පරිදි වාහන අධිවේගයෙන් පාරේ ගමන් කරයි.


සමාජ මාධ්‍යවල අධිවේගී ස්ටිමියුලේට් මිනිසුන්ට ඉදහිට සැබෑ ජීවිතය හමුවී  "Joan Is Awful" හි කාන්තාවට මෙන් අනතුරු වලට මුහුණ දීමට සිදුවේ. සමහරුන්ගේ ස්ටිමියුලේට් ජිවිත ඉන් චකබ්ලාස්ට් වී යන අතර තවත් සමහරු. අධිවේගී පාරවල් වල සිදුවන අනතුරු මෙන් අධි වේගයෙන් ඒවා ඉවත් කරගනිමින් ස්ටිමියුලේට් ජිවිතයේ පෙරට යයි. 


ඉස්සර JR  කිව්වේ තමාගේ ව්‍යවස්ථාවෙන් කරන්න බැරි ගැහැණියෙක් පිරිමියෙක් කිරීමට පමණක් බවයි. එහෙත් පසුව මිනිසුන්ට කිරීමට ‘බැරි වැඩ’ ලිස්ට් එකක්ම සමාජයට පැමිණියේය. අනාගත AI සමාජය අපට කියා සිටින්නේ ඔබ බොහෝ සමාජ දත්ත පරිහරණය කරන දත්ත වලින් පොහොසත් මිනිසෙක් හෝ ගැහැනියක් නම් ඔබට කළ නොහැකි දෙයක් නැත යන්නයි. ඔබ හොරෙක් නම් ඔබට ස්ටිමියුලේට් වී සාන්තුවරයෙක් ලෙස පෙනී සිටිය හැකිය. එසේත් නැතිනම් ඔබට හොරකම සාමාන්‍යකරණය කළ ස්ටිමියුලේට් සමාජයක් නිර්මාණය කළ හැකිය. ඔබ පර පීඩකයෙක් නම් පර පීඩා කාමය සමාජ NORM එකක් බවට පත්කළ හැකිය. 


අද කාලයේ කිසිවෙක් අනෙකා දිහා බලා නොසිටියි. බලා සිටින්නේ ස්ටිමියුලේට් අනෙකා දිහාය. "Joan Is Awful"  හි කාන්තාව මෙන් අනෙකාගේ දවසේ ජිවිතයේ සියළු දේවල් රෑට චිත්‍රපටියකින් බලන්න පුළුවන් උනොත් බොහෝ මිනිසුන්ගේ ස්ටිමියුලේට් ජිවිත ඉවර වෙලා යයි. එහෙත් අපි හැමෝගෙම දවසේ ජීවිතය අනෙකාට චිත්‍රපටියක් ලෙස බලන්න පුළුවන් උනොත් මිනිසාගේ ජිවිතේ අදුරු පැත්ත ස්ටිමියුලේට් NORM එකක් බවට පත්වේවි. 




Comments