රනිල් යාපනේ පුස්ථාකාලයටත් ගියාද ? 




පසුගිය දවස්වල රටේ රාජ්‍ය නායකයා වන රනිල් වික්‍රමසිංහ යාපනේ සිවු දින සංචාරයක් කරමින් සංවර්ධන විසූක දර්ශනයක් කරන හැටි මාධ්‍ය වාර්ථා කළේය. එහිදී ඔහුට ‘කරදර’ දෙකකට මුහුණ පෑමට සිදුවිය. එකක් නම් යුද්ධය නිසා අතුරුදහන් වූ මිනිසුන් සහ ගැහැණුන්ගේ සමීපතයන් කාලයක් තිස්සේ ගෙනගිය අරගල විරෝධතවයකටයි. සුපුරුදු පරිදි පොලිස් බලය පාවිච්චි කොට අරගලය තාවකාලිකව නිහඩ කරනවා. අනෙක් කරදරය නම් රනිල් වික්‍රමසිංහද හවුල්වූ යාපනය පුස්ථකාලය ගිනිතැබීමේ සිද්දියයි. මේ අපරාධය පොලිස් බලයෙන් යටපත් කිරීමට නොහැකි වන්නේ සාක්ෂි සහිතව ඉතිහාසයේ සටහන්ව ඇති නිසාය. 

ජේ ආර්ගේ ඝාතන රාජ්‍ය සමයේ ප්‍රබල ඇමතිවරයෙක්ව සිටි රනිල් වික්‍රමසිංහ නමැති පුද්ගලයා මෙහයවූ මර්ධන යන්ත්‍රය හුදී ජනයාට කෙසේ වෙතත් සංවේදී ලාංකිකයන්ට රහසක් නොවේ. එහෙත් මේ අව ක්‍රියාවන් ඉතිහාසය පුරා කරලියට පැමිණියේ පටු දේශපාලන වාසි උකහා ගැනීමේ අරමුණිනි. චන්ද්‍රිකා බටලන්ද සහ යාපනය පුස්තකාලය පෙන්වා එවකට පාලන එක්සත් ජාතික පක්ෂය අභිබවා බලයට පැමිණ උඩ බලාගෙන හිටිය. පසුව මහින්ද සහ එකී නොකී අය බටලන්ද සහ යාපන පුස්ථකාල ගිනිතැබීමේ සිදුවීම් ගණිකා වෘතියේ යොදවමින් දේශපාලන වාසි ලබා ගත්ත. ප්‍රතිඑලය උනේ ඝාතකයන් නායකයන් බවට පත්වී ඝාතනය සුජාතකරණය වීමයි. 


නන්දන වීරරත්න යනු ගවේෂනාත්මක මාධ්‍යවේදියෙකි. ඔහු කලෙක පටන් ජේ ආර් සමයේ ඝාතන රාජ්‍යයේ ක්‍රියාවන් සම්බන්දයෙන් විශේෂ වාර්තා පලකළ මාධ්‍යවේදියෙකි. ඔහු මෑතකදී ලියන ලද කෘතිය වන ‘බටලන්දට ගිනි තැබුවෙමු’ හරහා දැනට ජනාධිපති බවට පත්වී ඇති රනිල් වික්‍රමසිංහ සම්බන්ධ වූ සංවිධානාත්මක ඝාතන මර්දන ක්‍රියාවලිය ගැන කරුණු සහිතව ගවේෂනාත්මක හෙළිදරවුවක් කරයි. මෙම කෘතිය එක අතකින් ශ්‍රී ලංකාව නම් වූ දුපතේ රාජ්‍ය කෘරත්වය හුදී ජනයාට යලිත් සිහිපත් කරදෙන ප්‍රයත්නයකි. අනෙක් අතට ඝාතකයා නායකයා වී, ඉබීම ජනාධිපති බවට පත්වීමෙන් නොනැවතී අතීතය වලදමා රට බේරාගන්නට පැමිණි ෆීනික්ස් කුරුල්ලා බවට පත්වීමට අමුඩය සකසන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අමුඩ ගැටය ලිහා දමන නිර්භීත ක්‍රියාවකි. 


කිසිවෙක් කිසිවකට වග නොකියන වර්තමාන සමාජ මාධ්‍ය සමයේ, බටලන්ද සහ යාපනය පුස්ථකාලය ගිනිතැබීමට සම්බන්ද මිනිසුන් සම්බන්දයෙන් හුදු විරෝධයකට එහා ගිය තාර්කික කරුණු දැක්වීමක් කිරීමට නන්දන සහෝදරයා සමත්වී ඇත. මෙම ඝවෙෂනාත්මක  කරුණු වසර 1994 දී පමණ රාවය පුවත්පතට ලියා ඇතිමුත් එය කිසිම දිනක ප්‍රකාශයට පත් නොකළ බවද නන්දන විසින් මෙම කෘතියේ පෙරවදනේ සදහන් කොට ඇත. එයද විමසා බැලිය යුතු කරුණකි. 


සරද සමරසිංහ 


බටලන්දට ගිනි තැබුවෙමු කෘතිය දැන් ඔබට amazon kindle හරහාද බාගත කළ හැකිය. මිළ      £3.00 කි. යොමුව මෙතනින්.


https://www.amazon.co.uk/dp/B0CQRM32DP


Comments