සෑම දේශපාලනයක්ම වෙලදපොලකි.


ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇමරිකන් හමුදාව විසින් දියත් කරන ලද Operation Absolute Resolve මෙහෙයුමීදී වෙනුසියුවෙලානු ජනාධිපති නිකලස් මදුරෝ අල්ලාගෙන විත් ඔහුට මත්ද්‍රව්‍ය ප්‍රවාහන චෝදනා ඇතුළු චෝදනා හයකට ඔහුට  එරෙහිව නඩු පැවරිමේන් උණුසුම් වූ ලෝක දේශපාලනය තවමත් උණුසුම් ලෙසම පවතී. මෙම මදුරෝ මෙහෙයුමීදී මාධ්‍ය අතර හුවමාරු උණු වීඩියෝ සහ චායාරුප අතර එක්  සුවිශේෂ චායාරුපයක් ලෝකය පුරා viral වී ඇත. එනම් ජනාධිපති මදුරෝ අත්අඩංගුවට පත්වන අවස්ථාවේ ඔහු ඇමරිකාවේ Nike සමාගම විසින් නිෂ්පාදනය කරන ලද අළු පති track suit එකක් ඇද සිටින චයාරුපයයි. 

මේ කතාකරන්නේ ඇමරිකා විරෝධී ප්‍රතිපත්තියක සිටි මදුරෝ ඇමරිකානු Nike සමාගමේ ඇදුම් ඇදගෙන සිටියා යන පැතලි කාරණය නෙමෙයි. මදුරෝගේ Nike ඇදුම සහිත චායාරුපය  ලොව පුරා viral වී Nike සමාගමේ අලෙවි 

වාර් තා  සීග්‍ර ලෙස ඉහල ගියේය. ලොව පුරා අන්තර්ජාල වෙබ් අඩවි වල පසුගිය කාලයේ උණු කැවුම් සේ අලෙවි උනේ ඩොලර් 260 කට පමණ මිලක් නියම කොට තිබු මෙම මදුරෝ track suit එකයි. 

මේ අහබු අවස්ථාව (Involuntary Viral Marketing) නිසා  Nike සමාගම ලැබූ අනපේක්ෂිත ආදායම පිලිබදව කොතැනකවත් සදහන්ව නැත. Nike සමාගම පවා මෙම අහම්බය තීව්‍රර කිරීමට ප්‍රචාරක යාන්ත්‍රණයක් දියත් කලේද නැත. කෙසේ නමුත් මේ ජනාධිපති මදුරෝ විසින් තම ප්‍රතිවාදී රටේ සමාගමකට අගනා බ්‍රෑන්ඩ් එකක් හදා දී ඇත . එය හදුන්වන්නේ ‘ Maduro gray track suit’ යනුවෙනි. 

ප්‍රකට ආර් ථික විශේෂඥයෙකු වන යානිස් වෙරුඵකුස් විසින් රචිත  Global minotaur පොතේ සදහන් වන්නේ ලොව පුරා සිදුවන සෑම මිනිස් ක්‍රියාකාරකමක් අවසානයේ ආර් ථික ප්‍රතිලාභ යක් ලෙස ඇමරිකාවේ ඩොලර් වලට එකතු වන බවයි. මේ සදහා කදිම උදාහරණයක් වන්නේ ජනාධිපති මදුරෝ track suit එකයි. ඇමෙරිකානු බලහත්කාරයට එරෙහිව ලොව පුරා තරුණයන් Maduro gray track suit ඇදීමේ විරෝධාකල්පය අවසානයේ නතරවන්නේ Nike සමාගමේ ආදායම තර කරමිනි. 

මේ සදහා කදිම උඋදාහරන බොහොමයක් ඇත. අරගල සමයේ ලංකාවේ පවා භාවිතා කල සුදු පැහැති  වෙස්මුහුණක් එකළ තරුණ පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය විය. මෙය ධනවාධයට එරෙහි ජනතා සංකේතය ලෙස හදුන්වයි. නමුත් මෙම වෙස්මුහුනේ පේටන්ට් අයිතිය ඇත්තේ ඇමරිකාවේ චිත්‍රපට සමාගමක් වන warner brothers සමාගමටයි. වසර 1605 දී එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුවට ගිණි තැබීමට උත්සහ කල ‘ගයි ෆොක්ස්’ නැමැත්තා ඇසුරෙන් කල චිත්‍රපටයකට නිර්මාණය කල මෙම සුදු පැහැ වෙස්මුහුණට  වසර 2005 දී එම සමාගම පේටන්ට් බලපත්‍රය ලබා ගත්තේ symbol of  freedom fight ලෙසය. දැන් ලෝකය පුරා ධනවාධයට එරෙහිව කරන නිර්මාණ හෝ අරගල වලට මෙම symbol එක යෙදීමෙන් අවසානයේ warner brothers සමාගමේ ඩොලර් සංචිත තරවේ.


හාවඩ්  විශ්ව විද්‍යාලයේ Harvey Cox විසින් වෙළදපොල හදුන්වනු ලැබුවේ ‘නුතන දෙවියන් ‘ ලෙසිනි. ඔහු කිවේ ‘ දෙවියන් හැම දෙනා අතරම අදෘෂමානව සිට හැමෝගෙම සිතුවිලි වලට බලපෑම කරයි. වෙලදපොලද එසේමය’ 

ලෝකයේ වර්තමානයේ සිදුවන හැම ගැටුමක්ම දිශානත වන්නේ ඩොලරයට එරෙහිව ලෝක ආර්ථිකය නිර් ඩොලර් කරණය කිරීමේ අරගලය ලෙස ඇතැමුන් හදුන්වයි. එහෙත් මෙම අරගලය දෙවියන්ට එරෙහි අරගලයක් වැනිය. දෙවියන් කොතනකවත් පෙනෙන්නට නැත. නමුත් දෙවියන් හැමතැනම සිටි 

sarada - samara

 



Comments